Shanghai සහයෝගිතා සංවිධානයේ ප්‍රගමනය හා සංවර්ධනයට පිටුබලයක් වූ ‘ Shanghai ජීවගුණය ’ ට ජගත් පැසසුම්
2022-09-17 16:44:31
Share with:

Shanghai සහයෝගිතා සංවිධානයේ ප්‍රගමනය හා සංවර්ධනයට පිටුබලයක් වූ ‘ Shanghai ජීවගුණය’ එම සංවිධානයේ වියතුන්ගේ පැසසුමට ලක්වෙයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(16) උස්බෙකිස්ථානයේ Samarkand ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, Shanghai සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සිලයේ 22වැනි සමුළුවට එක්විය. ‘යුගයේ ප්‍රවණතාව ග්‍රහණය කර, වඩා යහපත් අනාගතයක් උදෙසා සමගිය සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම’ යන මැයෙන් යුත් දේශනය ඔහු විසින් පවත්වනු ලැබීය.

 දේශනයෙන් අවධාරණය කෙරුණු ‘ Shanghai ජීවගුණය ’ මෙන්ම ‘වඩාත් සමීප, පොදු ඉරණමක් සහිත Shanghai සහයෝගිතා සංවිධානයක්  ඉදිරියට මෙහෙයවීම’ ඇතුළු කරුණු එම සංවිධානයේ සාමාජික රටවල විද්වතුන්ගේ ඉහළ පැසසුමට ලක් වී ඇත.

උස්බෙකිස්ථානයේ ලෝක ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශාධිපතිවරයා පවසන්නේ,  ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් පෙන්වාදුන් ‘ Shanghai ජීවගුණය ’ ප්‍රචලිත කිරීම,  Shanghai සහයෝගිතා සංවිධානයේ සහයෝගිතා හා සමගිය පිළිබඳ ශක්තිය පිළිබිඹුවීමක් බවයි. එපමණක් නොව, එම සංවිධානය අනාගතය සංවර්ධනය සඳහා මඟපෙන්වීමක් ද වෙයි. ඊට එක්වන සාමාජික රටවල් සංඛ්‍යාව වැඩිවීමෙන් ‘Shanghai ජීවගුණය’ පොදු පිළිගැනීමකට ලක්ව ඇති ආකාරය සනාථ කෙරෙන බව ද අංශාධිපතිවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම