නෝර්වේ රජ‍යෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය
2022-09-17 15:41:18
Share with:

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට නෝර්වේ රජ‍ය සහතික වෙයි.

මෙරට නෝර්වේ තානාපතිනි ට්‍රයින් ජොරන්ලි එස්කෙලාඩ් මහත්මිය මේ බව පැවසුවේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති හමුවක දී ය.

හමුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණ. නෝරාඩ් සහ නෝර් අරමුදල යටතේ සංවර්ධන සහ අනෙකුත් ආධාර අඛණ්ඩව ලබාදෙන බව තානාපතිවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

වසර 60 කට අධික කාලයක්, නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් ස‍හයෝගයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, තානාපතිවරියට ස්තුතිය  පළකළේය.

විශේෂයෙන් මෙරට ධීවර ක්‍ෂේත්‍රයට එරටින්  විශේෂ සහයෝගයක් ලැබී තිබේ.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම