රටේ බහුතර ජනතා සහාය තමාට හිමිව ඇතැයි ජනපති කියයි
2022-09-17 16:57:12
Share with:

රටේ බහුතර කැමැත්තත්, සහායත් තමන්ට ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඕස්ට්‍රේලියානු ඒ බී සී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. නිවැරදි තීරණ හේතුවෙන් තමාට ජනතා විශ්වාසය හිමි වී ඇති බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ නීතිය කඩ කළ පුද්ගලයන් පමණක් බවත්, එය ඕනෑම රටක සිදුවන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමෙන් කිසියම් රටක ප්‍රශ්න විසඳිය නොහැකි බව ද ඔහු කියාසිටියේය.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම