“යුරෝපයේ බලශක්ති අර්බුදයට රුසියාව වගකිව යුතු නැහැ” ජනාධිපති පුටින් පවසයි
2022-09-17 15:49:13
Share with:

යුරෝපයේ බලශක්ති අර්බුදයට රුසියාව වගකිව යුතු නැතැයි, එරට ජනාධිපති Vladimir Putin මහතා පවසයි.

ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සිලයේ 22වැනි රැස්වීම අතරතුර, ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

වත්මන් යුරෝපා බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් බටහිර රටවල් රුසියාවට දොස් පවරයි. ඔවුන් එසේ දෝෂාරෝපණ එල්ල කරන්නේ, තම පුරවැසියන්ගේම ප්‍රබල චෝදනාවලින් නිදහස් වීම සඳහා ය. මෙම බලශක්ති අර්බුදය රුසියානු-යුක්රේන ගැටුමට පෙර උද්ගත වූවක් බව ද රුසියානු ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

බටහිර සම්බාධක හේතුවෙන් රුසියාවේ ගෑස් නල මාර්ගය යුරෝපයට ක්‍රියාත්මක වීම අවහිර වී ඇති බවත්, ස්වාභාවික වායු වැඩියෙන් සැපයිය යුතු නම්, යුරෝපා සම්බාධක ඉවත් කළ යුතු බවත් Vladimir Putin මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම