චීන - තුර්කි ජනපතිවරුන් අතර හමුවක්
2022-09-16 15:53:17
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා හමුවෙයි. හමුව අද(16) පෙරවරුවේ උස්බෙකිස්ථානයේ Samarkand නුවර දී පැවැත්විණ.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, චීනය හා තුර්කිය යනු සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම නැගී එන වෙළඳපොළ සහිත රටවල් බවයි. සිය අයිතිවාසිකම් සුරැකීම, පුනර්ජීවනය කෙරෙහි අවධානය යොමුකිරීම හා ජාත්‍යන්තර යුක්ති සහගත බව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොදු ප්‍රතිලාභ රැසක් දෙරටට හිමිවෙයි. තුර්කිය සමග එක්ව, චීන-තුර්කි උපාය මාර්ගික සහයෝගිතාව තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට චීනය කැමති බව ද ෂී ජින් පිං ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එකම චීනය යන මූලධර්මය වෙනුවෙන් තුර්කිය අඛණ්ඩ මෙන්ම ස්ථිර ලෙස අනුබලයක් ලබාදෙන බව Recep Tayyip Erdogan ජනාධිපතිවරයා කියා සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම