චීන - ඉරාන ජනපතිවරුන් අතර හමුවක්
2022-09-16 15:21:54
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා හමුවෙයි.

එම හමුව අද (16) උදෑසන උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නුවර දී පැවැත්විණ.

රටේ ස්වෛරීභාවය හා ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා ඉරානයට චීනයේ සහය ලබාදෙන බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. ඉරානය සමඟ එක්ව“එක් තීරයක් එක් මාවතක්”පොදුවේ සංවර්ධනය කොට, වඩා වැඩි සහයෝගිතා ප්‍රතිඵල නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය. ශංහයි සහයෝගිතා සංවිධානයේ නිල සාමාජිකයෙකු බවට පත්වීම සඳහා චීනය ඉරානයට සුබ පැතුම් පළකරයි. ඉරානය සමඟ සහයෝගිතා සංවිධාන රාමුව යට‍තේ සම්බන්ධීකරණය හා සහයෝගිතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනය ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්ෂා කරන බව පෙන්වා දුන් ඉරාන ජනාධිපති Ebrahim Raisi මහතා, නවීන රටක් ගොඩනැගීමේ ප්‍රබල ඉලක්කය සපුරා ගැනීමට ඉරානයට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම