නෙළුම් කුලුණ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ඉහළ ආදායමක්
2022-09-16 15:42:04
Share with:

ජනතාවට විවෘත කෙරුණු නෙළුම් කුලුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ඊයේ දිනයේ (15) රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි. නෙළුම් කුලුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ, එහි පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවයි. 

නෙළුම් කුලුණ නැරඹීම සඳහා  2612 ක පිරිසක් පැමිණ ඇති අතර, විදේශිකයෝ 21 දෙනෙක් ද ඊට ඇතුළත් වෙති. කොළඹ බේරේ වැව අසළ වර්ග මීටර් 30,600 කින් යුතු වපසරියක ඉදිකෙරුණු නෙළුම් කුලුණ ගොඩනැගිල්ල ඊයේ සිට මහජනතාවට විවෘත කෙරිණ.  චීන ණය මුදල් ද සහිතව ගොඩනැගුණු මෙය දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම