චීන-රුසියානු-මොංගෝලියානු රාජ්‍යනායකයන්ගේ 6 වැනි හමුවට චීන ජනපති එක්වෙයි
2022-09-16 10:19:11
Share with:

         චීන ජනාධිපති ෂී ජින් පිං මහතා    චීන-රුසියානු-මොංගෝලියානු රාජ්‍යනායකයන්ගේ 6 වැනි හමුවට එක් වේ.

         ඊයේ (15)  එම ත්‍රෛපාර්ශ්වික හමුව උස්බෙකිස්තානයේ Samarkand නුවර දී පැවැත්විණ. චීනය, රුසියාව හා මොංගෝලියාව යන රටවල් තුනේ සහයෝගිතාව වර්ධනය වෙනුවෙන් එහිදී ෂී ජින් පිං මහතා යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත. රටවල් තුන අතර අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය වඩාත් තහවුරු කරමින් එකිනෙකාගේ කේන්ද්‍රීය යහපත සලකා, ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී සම්බන්ධීකරණය හා සහය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම අවධාරණය කරයි. ශැංහයි සහයෝගිතා සංවිධානය තුළ සබඳතා ඉහළ නංවාලීම, චීන-රුසියානු-මොංගෝලියානු ආර්ථික ‍කොරිඩෝවේ සංවර්ධනය පිළිබඳව තුන්පාර්ශ්වය එළඹි එකඟතා ක්‍රියාවට නැංවීම හා ත්‍රෛපාර්ශ්වික මූල්‍ය ආරක්ෂාව තර කිරීම  චීන ජනාධිපතිවරයාගේ යෝජනා අතර ප්‍රධාන වේ.

          චීන-රුසියානු-මොංගෝලියානු තුන්පාර්ශ්වය කැපීපෙනෙන සහයෝගිතා ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත්, එම සහයෝගිතාව පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත්, රුසියානු ජනාධිපති Vladimir Putin මහතා එහිදී කියා සිටියේ ය. මොංගෝලියානු ජනාධිපති Ukhnaagiin Khurelsuh මහතා එම හමුවේදී ප්‍රකාශ කළේ, චීනය හා රුසියාව සමග පවතින මිත්‍ර සහයෝගිතා සංවර්ධනයට සිය රාජ්‍යතාන්ත්‍රික ප්‍රමුඛතාව හිමිවන බවයි.

          “චීන-රුසියානු-මොංගෝලියානු ආර්ථික කොරිඩෝව සංවර්ධනයේ දළ සටහන ”තව වසර 5කින් දීර්ඝ කිරීම, එම ආර්ථික කොරිඩෝව යටතේ දුම්රිය මාර්ග සංවර්ධනය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය ක්‍රියාත්මක කිරීම සහ චීන-රුසියානු ස්වාභාවික ගෑස් නල මාර්ගය මොං‍‍ගෝලියාව දක්වා ව්‍යාප්ත කිරීම යන කරුණු පිළිබඳව එහිදී රටවල් තුන එකඟතාව පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම