චීන- බෙලරුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්
2022-09-16 11:09:06
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා හමුවෙයි. එම හමුව,  සමර්කන්ඩ් නුවර දී පැවැත්විණ.

ද්විපාර්ශ්වික සබඳතාව, ඕනෑම තත්ත්වයකට ගැලපෙන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමට ජනාධිපතිවරුන්ගේ එකඟතාව මෙහිදී පළවිය.

චීන-බෙලරුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගෙවී ගිය වසර 30ක කාලය තුළ දෙරට අතර සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් වී, සර්ව පාර්ශ්වීය හවුල්කාරීත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි චීන ජනාධිපතිවරයා පැවසීය.

චීනයේ කේන්ද්‍රීය අවශ්‍යතා පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් බෙලරුසියාව සැමවිටම චීනයට ලබාදෙන ස්ථිර සහයෝගය තමා බෙහෙවින් අගය කරන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.  තම ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් තෝරාගැනීමට බෙලරුසියාවට සහාය දෙන චීනය,  එරට අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේග මැදිහත්වීම කෙරෙහි දැඩි ලෙස විරුද්ධ වේ. ආයෝජන, ආර්ථිකය සහ වෙළඳාම ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහ ජයග්‍රාහී සහයෝගිතාවයක් ගොඩනංවා පරිසර හිතකාමී සහ ඩිජිටල්කරණයෙන් යුතු චීන-බෙලරුසියානු කාර්මික උද්‍යානයක් ගොඩනගන බව ද ෂී ජින් පිං මහතා  පැවසීය. 

ජනාධිපති Alexander Lukashenko මහතා මෙහිදී පැවසුවේ, බෙලරුසියාව ඇතුළු බොහෝ රටවල් සඳහා චීනය ඉතා විශ්වාසදායී හවුල්කරුවෙකු බවයි.  බෙලරුස්-චීන සබඳතා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයකට වැඩිදියුණු කිරීම ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත් වර්ධනය කෙරෙහි ඍජුව බලපායි. චීනය සමඟ සබඳතා පුළුල් කිරීමට බෙලරුසියාව නොසැලී කැපවී සිටී.  චීනයේ සංවර්ධනය, චීන ජාතියේ යළි එකමුතුවීම සහ තායිවානය ආශ්‍රිත ප්‍රශ්න වැනි මූලික කරුණුවලදී චීනයේ ස්ථාවරයට බෙලරුසියාව දැඩිව සහාය දක්වන බව Lukashenko මහතා  පැවසීය.

චීනය ඉදිරිපත් කර ඇති වැදගත් මුලපිරීම් මාලාවකට සහය දක්වන බෙලරුසියාව, ෂැංහයි සහයෝගිතා සංවිධානය වැනි බහුපාර්ශ්වික රාමු තුළ චීනය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය සම්පූර්ණයෙන් සාර්ථක වේවා යි ද බෙලරුසියානු ජනාධිපතිවරයා  ප්‍රාර්ථනා කළේය.

හමුවෙන් අනතුරුව, චීනය සහ බෙලරුසියාව අතර ඕනෑම තත්ත්වයකට ගැලපෙන විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපනය කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරිණ. විද්‍යාව හා තාක්‍ෂණය, අධිකරණ, කෘෂිකර්මය සහ ඊ-වාණිජ්‍යය වැනි ක්ෂේත්‍රවල සහයෝගිතා ලේඛනවලට ද දෙපාර්ශ්වය අත්සන් තැබීය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම