චීන ජනපති පාකිස්ථාන අගමැති හමු වෙයි
2022-09-16 15:27:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පාකිස්ථාන අගමැති Muhammad Shahbaz Sharif මහතා හමුවෙයි.

එම හමුව අද (16) උදෑසන උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නුවර දී පැවැත්විණ.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීනය සහ පාකිස්තානය එකිනෙකාගේ විශ්වාසවන්ත උපාය මාර්ගික හවුල්කරුවන් වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. දෙරට සෑම කල්හිම උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතා සංවර්ධනය ඉදිරියට මෙහෙයැවීමට පාකිස්ථානය එක් ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ‍හෙතෙම පැවසීය.

පාකිස්ථානයේ චීන ජාතිකයන් හා ආයතනවල සේවකයන්ගේ සුරක්ෂිතතාව සහ ව්‍යවසායන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් පාකිස්ථානය ඵලදායි ලෙස සහතික කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

දරුණු ගංවතුරෙන් පීඩා විඳින පාකිස්ථානයට නිසි අවස්ථාවේම වටිනා ආධාර ලබාදීම සම්බන්ධයෙන් චීනයට ස්තුති කරන බව, Shabazz Sharif මහතා එහිදී සඳහන් කළේය. නුදුරේදී පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික සම්මේලනය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බව ද හෙතෙම පැවසීය. එකම චීනය ප්‍රතිපත්තිය ස්ථීරව අනුගමනය කරන පාකිස්ථානය, චීනයේ ස්වෛරීත්වයට හානි කර, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ ක්‍රියාවන්ට තරයේ විරුද්ධ වන බව ද පාකිස්ථාන අගමැතිවරයා එහිදී කියා සිටියේය.

ඉන් අනතුරුව දුම්රිය මාර්ග හා ඊ-වාණිජ්‍යය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ලියවිලිවලට දෙපාර්ශ්වය  අත්සන් තැබීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම