චීන-අසර්බයිජාන ජනාධිපතිවරුන් අතර හමුවක්
2022-09-16 10:18:30
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා අසර්බයිජාන ජනාධිපති Ilham Aliyev මහතා හමුවෙයි. එම හමුව ඊයේ (15) උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නුවර දී පැවැත්විණ.

මේ වසරේ දෙර‍‍ට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 30 වැනි සංවත්සරය යෙදෙයි. උපායමාර්ගික මට්ටමෙන් දෙරටේ සම්බන්ධතාව සංවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ලෝක සංවර්ධන යෝජනාව හා ලෝක ආරක්ෂණ යෝජනාව එක්ව ප්‍රවර්ධනය කිරීම චීනය සාදරයෙන් පිළිගනී. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ද්විපාර්ශ්වික සම ඉදිකිරීම තුළින් සුන්දර අනාගතයක් උදාවනු ඇතැයි ද හෙතෙම විශ්වාස කරයි.

දෙර‍ට සැබෑ උපායමාර්ගික හවුල්කරුන් බව Ilham Aliyev මහතා පැවසීය. එම 30 වැනි සංවත්සරය නිමිත්තෙන්, දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කිරීමටත්, එකම චීනය මූලධර්මය අනුගමනය කරමින් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ සම ඉදිකිරීම සඳහා කැපවීමටත් අසර්බයිජානය කැමැත්තෙන් පසුවන බව අසර්බයිජාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම