ගෙවී ගිය සියවසක කාලයේ දී ලෝකය අංශ ගණනාවකින්ම ඉදිරියට පැමිණ ඇත. ලොව සිදු වූ වේගවත් සංවර්ධනය එහි දී ඉතා වැදගත් වේ. 1900 වැනි මුල් යුගය වනවිට බිලියන 1.8ක් පමණ වූ ජනගහණය වර්තමානය වන විට බිලියන 8 කට ආසන්නව වර්ධනය වී ඇත. ඊට සමගාමීව ආහාර, ප්‍රවාහනය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය යන අංශවල විශාල පරිවර්තනයක් ද සිදු ව තිබේ. මෙම සංවර්ධන ප්‍රවණතා හමුවේ ලෝකයේ රටවල් එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් සිටී. මෙම අභියෝග අබියස චීනයේ හැසිරීම ලෝකයටම පූර්වාදර්ශ සපයන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පවසයි.
භූ දේශපාලන සහ සමාජ ආර්ථික පරිසරය ආදී ක්ෂේත්‍රයන්හි ද කැපීපෙනෙන වෙනසක් දැක ගත හැකිය. තාක්ෂණික වශයෙන් ඇති වූ පරිවර්තනය මෙහිලා සුවිශේෂී වේ. නව නිපැයුම් බිහිවීම ඔස්සේ නවෝත්පාදන සහිත ලෝකයක් නිර්මාණය වී ඇත. පර්යේෂණ හා සංවර්ධන ක්ෂෙත්‍රයේ ද සිදු වූ දැවැන්ත පරිවර්තනය රටවල් නව මාවතකට ප්‍රවේශ කර ඇත. කාර්මීකරණය සහ සන්නිවේදන අංශයන් ද ඒ සඳහා ප්‍රධාන සාධක බවට පත්විය. දේශපාලනික වශයෙන් රටවල ඇති වූ ව්‍යුහාත්මක වෙනස්කම් ද මේ සියලු අංශයන්හි සංවර්ධනය සඳහා හේතු වී ඇති බව හෙතෙම කියා සිටී.
ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් තුළ ජනතා කතිකාවක් සමග චීනය ඉදිරියට පැමිණ ඇත. කාලීන වශයෙන් කළ යුතු වෙනස්කම් හඳුනාගන්නා චීනය විවිධ අංශවලට ගැලපෙන ප්‍රතිපත්ති සමග සිය සංවර්ධන ක්‍රියාදාමය මැනැවින් දියත් කරමින් සිටී.
චීනය සිය සංවර්ධන වැඩසටහන් යටතේ, අන් රටවල් සමග ආයෝජන සබඳතා ඇති කරගනිමින්, සහයෝගී ප්‍රවේශයක ගමන් කරමින් සිටී. නමුත් බටහිර ආකෘතිය තුළ එවැනි ආයෝජන ක්‍රියාත්මක වී ඇත්තේ, පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ලාභ අපේක්ෂා සහිතව පමණකි. චීන ආකෘතිය තුළ වඩා විනිවිදභාවයකින් මෙන්ම රාජ්‍ය මැදිහත්වීමක් සහිතව සංවර්ධන ක්‍රියාවලිය සිදුවීම නිසා එය වඩා සාර්ථකත්වයට පත් වී ඇත. එමෙන්ම ඉහළ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව, ආයෝජන සඳහා ප්‍රවේශය ලබාගැනීම ඔස්සේ විවිධ රටවල් සමග සබඳතා වර්ධනය කරගනිමින් චීනය කටයුතු කිරීම ද මෙහි දී වඩා වැදගත් වේ. එසේම, දේශීය වශයෙන් ඉහළ විනයගරුක භාවයක් සහිත පාලනයක් මෙන්ම සිය සංවර්ධන ශක්තිය තිරසර ලෙස පවත්වාගැනීම තුළින් චීනය ලෝකය ඉදිරියේ සිය අනන්‍යතාව මනාව සුරක්ෂිත කරගෙන ඇතැයි ද මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.