චීන - ටජිකිස්ථාන ජනපතිවරුන් අතර හමුවක්
2022-09-15 17:00:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ටජිකිස්ථාන ජනාධිපතිවරයා හමුවෙයි. හමුව අද(15) පෙරවරුවේ Samarkand නුවර දී  පැවැත්විණ.

ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ටජිකිස්ථානයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා ආරක්ෂාව සුරැකීමට චීනය ස්ථිර ලෙස සහය දක්වන බවයි. චීනය, ටජිකිස්ථානයේ විශ්වාසවන්ත අසල්වැසි රටක් මෙන්ම දිගුකාලීන මිතුරෙකු හා හවුල්කරුවෙකි. ටජිකිස්ථානය ඇතුළු මධ්‍යම ආසියානු රටවල් සමග එක්ව, ‘ චීනය සහ මධ්‍යම ආසියානු රටවල් 5’ අතර රැස්වීම් යාන්ත්රණය ඇතුළු සහයෝගිතා තහවුරු කිරීම චීනයේ අපේක්ෂාවයි. ත්‍රස්ත-විරෝධී සහයෝගිතා ශක්තිමත් කරමින් , කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ ආරක්ෂා කිරීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon මහතා මෙහිදී පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, Shanghai සහයෝගිතා සංවිධානය හා ‘ චීනය සහ මධ්‍යම ආසියානු රටවල් 5 ’ යන රාමුව තුළ  සම්බන්ධීකරණ කරමින්  චීනය හා එක්ව තහවුරු කිරීමට කැමති බවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය සම්පූර්ණයෙන් සාර්ථක වේවායි තමා ප්‍රාර්ථනා කරන බව  හෙතෙම පැවසීය.

රාජ්‍යනායක දෙපළ ඇෆ්ගනිස්ථාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී  අදහස් හුවමාරු කර ගත්හ. ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය, ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගිතා ලියවිලිවලට ද ඔවුහු අත්සන් තැබූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම