"එක් තීරයක් එක් මාවතක්" යනු ජයග්‍රහණයේ මෙන්ම බලාපොරොත්තුවේ මාවතක් බව චීනය කියයි
2022-09-15 10:42:44
Share with:

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ මගින් එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට සහය දැක්වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන සමුළුව පැවැත්වෙයි. මෙය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර දූත මණ්ඩලය සහ ජගත් ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ඊයේ(14)  පවත්වනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා එහිදී දේශනයක් පවත්වමින් පැවසුවේ, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ යනු, 2030 සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට දායක වන චීන ප්‍රඥාව සහ චීන විසඳුමක් බවයි.

“එක් තීරයක් එක් මාවතක්” යනු ගෝලීය හවුල්කාරිත්වය සඳහා සහයෝගිතා මාර්ගයක්, සම්බන්ධතා ශක්තිමත් කිරීමට ජයග්‍රාහී මාර්ගයක් මෙන්ම ගෝලීය තිරසර සංවර්ධනය සඳහා වන බලාපොරොත්තුවේ මාවතක් ද වේ. එය වත්මන් ලෝකයේ පුළුල්ම සහ විශාලතම ජාත්‍යන්තර සහයෝගිතා වේදිකාව බවට පත්ව ඇති බව ද Zhang Jun මහතා එහිදී පැවසීය.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ පුළුල් ප්‍රවර්ධනය සහ රටවල් අතර සහයෝගිතා, අභියෝගවලට මුහුණ දීමේ දී මනා ශක්තියකි. මෙම වැඩපිළිවෙළ, යුගයේ අවශ්‍යතා මෙන්ම සියලු රටවල ජනතා අපේක්ෂා සපුරාලන බවත්, එම රටවල පොදු අවශ්‍යතාවන්ට අනුකූල වන බවත්, චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම