චීන ජනපති සහ කසක්ස්ථාන ජනපති අතර සාකච්ඡා
2022-09-14 20:47:07
Share with:

චීන ජනාධිපති ෂී ජීන් පීං මහතා  සහ කසක්ස්ථාන ජනපති Kassym-Jomart Tokayev මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.

කොරොනා වසංගතය පැතිරයාමෙන් පසු, මෙය තමා එක්වන පළමු නිල සංචාරය බවත්, ඒ සඳහා කසක්ස්ථානය තෝරාගත් බවත් ෂී ජීන් පීං මහතා  පැවසීය.  එමගින්  චීන-කසක්ස්ථාන සබඳතාවන්හි ඉහළ මට්ටම සහ නිශ්චිතභාවය මෙන්ම දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය පෙන්නුම් කෙරෙන බව හෙතෙම කියාසිටියේය.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය කසක්ස්ථානයේ ජාතික ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා සැමවිටම සහාය දෙයි. කසක්ස්ථානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ඕනෑම බලවේගයකට  චීනය දැඩි ලෙස විරුද්ධ වේ. චීනය සැමවිටම කසක්ස්ථානයේ විශ්වාසවන්ත මිතුරා සහ හවුල්කරුවා වන බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම