ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ජාතික සැලැස්මක්
2022-09-14 14:49:50
Share with:

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ යාන්ත්‍රණයක් ඇරඹේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) එය ආරම්භ කෙරිණ.

ඕනෑම අර්බුදකාරී අවස්ථාවක ජනතාවට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.  “කිසිදු පුරවැසියෙකු ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙකු මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන්න මෙහිදී ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි. ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය. කෘෂිකර්මාන්තය නවීකරණය මඟින් නිෂ්පාදනය සහ තරගකාරිත්වය ඉහළ නංවාගනිමින් විදේශ විනිමය ඉපැයිය හැකි ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත්කර ගත යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම පුනර්ජීවන යාන්ත්‍රණය කමිටු හතක් යටතේ, ග්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ ක්‍රියාවට නැංවේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම