ලෝක ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලි‍යේ දී චීනයේ භූමිකාව තීරණාත්මකයි
2022-09-14 10:38:50
Share with:

නූතන ආර්ථික සන්දර්භයන් තුළ චීනයේ භූමිකාව ඉතා වැදගත් බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. ලෝකය ඉතා සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත. ලොව පුරා රටවල උද්ධමනය ඉහළ යාම, විරැකියාව වැඩිවීම ඇතුළු ආර්ථික ගැටළු රැසක් මතුවෙමින් තිබේ. මෙවැනි පසුබිමක චීනයේ භූමිකාව ඉතා වැදගත් වෙයි. විශාල ආර්ථිකයක්, විශාල වෙළඳපොලක්, විශාල නිශ්පාදනාගාරයක් ලෙසට හැඳින්විය හැකි චීනයට ලෝක ආර්ථිකය වෙනුවෙන් නව ජීවයක් ලබා දීමට අවශ්‍ය බොහෝ ප්‍රධාන දේ ඇත. එවන් හැකියාවන් මගින් චීනයට ලෝකය වෙනුවෙන් නව ශක්තියක් ලබාදිය හැකි බවට තමන් විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටී. චීනයට එරෙහිව ලොව ඇතැම් රටවල් පදනම් විරහිත අවලාද නැගුව ද වත්මන් ලෝකය මුහුණ දෙන ආර්ථික අර්බුදයේ දී විශාලතම කාර්යභාරය ඉටු කළ හැකි රට ලෙසට තමන් චීනය දකින බව ද චන්දන කුමාර මහතා සඳහන් කරයි. විවිධ ආර්ථීක කම්පනයන්ට මුහුණ දීමට ඇති චීනයේ ශක්තිය මගින් එම හැකියාව පිළිබිඹු වෙයි. නව සංවර්ධන සංකල්ප චීනය විසින් අනුගමනය කිරීම ඊට ප්‍රධාන හේතුව ලෙසට පෙන්වා දිය හැකිය. එබැවින් ලෝක ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලි‍යේ දී චීනයේ භූමිකාව තීරණාත්මක බව ද කථිකාචාර්ය චන්දන කුමාර මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම