විවිධ රටවල් තෝරා ගන්නා මානව හිමිකම් වර්ධන මාර්ගයට ගරු කරන ලෙස චීනය රටවල් රැසක් නියෝජනය කරමින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කරයි
2022-09-14 10:15:57
Share with:

විවිධ රටවල් තෝරා ගන්නා මානව හිමිකම් වර්ධන මාර්ගයට ගරු කරන ලෙස චීනය රටවල් 30ක් පමණ නියෝජනය කරමින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 51 වැනි සැසියේදී මානව හිමිකම් පිළිබඳ වැඩ බලන මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පිළිබඳ විවාදය ඊයේ(13) පැවැත්විණ. ජිනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධාන වල චීන නියෝජිත Chen Xu මහතා රටවල් 30ක් පමණ නියෝජනය කරමින් එහිදී පොදු ප්‍රකාශයක් සිදු කළේය. ආර්ථික, සාමාජීය හා සංස්කෘතික හිමිකම්, සංවර්ධන හිමිකම් හා සෞඛ්‍ය හිමිකම් වෙත ‍දක්වන අවධානය  ප්‍රායෝගිකව ශක්තිමක් කරන ලෙසත් ඉන් ඉල්ලා තිබේ. අසාධාරණත්වයන් ඉවත් කිරීම කේන්ද්‍රීය කරුණකි. වසංගතය ජයග්‍රහණය කිරීම, තිරසර ආර්ථික හා සාමාජීය වර්ධනය සාක්ෂාත් කිරීම වෙනුවෙන් විවිධ රටවලට විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය ලබා දෙන ලෙසට ද Chen Xu මහතා එම පොදු ප්‍රකාශයයෙන් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

එම පොදු ප්‍රකාශයේ සඳහන් වන පරිදි මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සාධාරණ, විෂය මූලික, සමානත්ව මෙන්ම නිර් දේශපාලනික මූලධර්මයන් අනුගමනය කරමින් විවිධ රටවල් සිය තත්ත්වයට අනුව තෝරා ගන්නා මානව හිමිකම් වර්ධන මාර්ගයට ගරු කළ යුතු ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම