ඇමරිකාවේ පරිභෝගික මිල දර්ශකයේ ඓතිහාසික ඉහළ යාමක්
2022-09-14 09:34:58
Share with:

පසුගිය අගෝස්තු මස ඇමරිකාවේ පරිභෝගික මිල දර්ශකය ඉතිහාසයේ ඉහළ මට්ටමක පැවතිණ.

ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුව ඊයේ (13) නිකුත් කළ දත්තවලට අනුව, ගෙවී ගිය අගෝස්තු මාසයේ එරට පරිභෝගික මිල දර්ශකයේ වර්ධන වේගය පසුගිය වසරේ සමාන කාල සීමාව හා සැසඳීමේදී තවදුරටත් ඉතිහාසයේ ඉහළ මට්ටමක පවතී. කුටුම්බ පිරිවැය, ආහාර මිල හා සෞඛ්‍ය සේවා මිල යන සාධක තුන ,සමස්ත පරිභෝගික මිල දර්ශකය ඉහළ යාමට ප්‍රධාන ලෙස බලපා තිබේ. ආහාර මිල අඛණ්ඩව ඉහළ ගොස් තිබෙන අතර එය පසුගිය වසරේ සමාන කාල සීමාව හා සැසඳීමේදී සියයට 11.4ක ඉහළ යාමකි. එය 1979 වසරේ මැයි මාසයෙන් පසු වාර්තාවූ ඉහළම අගය වීමද විශේෂත්වයකි.

පසුගිය මාර්තු මස සිට ඉන්ධන මිල, ආහාර මිල හා වෙනත් ජීවිත වියදම් ඉහළයාම පාලනය සඳහා ඇමරිකානු පෙඩරල් සංචිතය විසින් පොළි අනුපාත සිව් වතාවක් ඉහළ දැමනු ලැබිණ. එහෙත් එරට උද්ධමන මට්ටමේ කැපීපෙනෙන පහළයාමක් පිළිබිඹු නොවීය. ඉහළ භාණ්ඩ මිල හා මුල්‍ය පරිසර අවධමනය යන විවිධ සාධකයන්ගෙන් බලපෑම් හේතුවෙන් ඇමරිකානු ආර්ථීකය පසුගිය පළමු හා දෙවන කාර්තු තුළ අඛණ්ඩව තාක්ෂණික අවපාතයකට ලක්ව තිබිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම