චීන නව සංවර්ධන සංකල්පයන් ‍ගෙන් ලොවට ගෙන දී ඇති අවස්ථා අති මහත්
2022-09-13 10:39:10
Share with:

චීන නව සංවර්ධන සංකල්පයන් ගෙන් ලොවට විවිධ නව අවස්ථා ජනිත කර ඇති  බව චීන ශ්‍රී ලංකා වාණිජ මිත්‍රත්ව මණ්ඩල සභාපති බණ්ඩාර දිසානායක මහතා පවසයි. මෑත කාලීන එවැනි සංකල්ප අතර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන කැපී පෙනේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවලට නව අපේක්ෂාවන් ගෙන දෙන වැඩසටහනක් ලෙසට අවිවාදයෙන් පිළිගත යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටී. අති විශාල මුදල් සම්භාරයක් ඊට යොමු කර ඇති චීනය පොදු මානව ඉරණමක් සහිත හවුල් අනාගතයක් වෙනුවෙන් වන තම ප්‍රායෝගික කැපවීම පිළිබිඹු කර ඇති බවද හෙතෙම කියා සිටී. ඇතැම් රටවල් මෙම වැඩසටහන ලෙස වපරැසින් බැලීමට ක්‍රියා කර ඇත්තේ එම වැඩ සටහන ඉතා විශිෂ්ඨ මට්ටමේ අවස්ථාවන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ජනිත කරන බැවිනි. එලෙස සංවර්ධනය වෙමින් පවතින රටවල ශක්තිය වර්ධනය වීමෙන් එම රටවල අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් එල්ල කිරීමේ අවස්ථාවන් ඇහිරී යන බවද දිසානායක මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම