ආර්ථික පුනර්ජීවනයට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය
2022-09-13 14:33:29
Share with:

තම ආයතනයේ සහයෝගය සහිත ව්‍යාපෘති මගින් මේ අවස්ථාවේ රජයට තීරණාත්මක සහයක් ලබා දෙන බව, ආසියානු සංවර්ධන බැංකුව කියාසිටී. එම බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනෙච් යොකොයාමා මහතා මේ බව පැවසුවේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (12) පැවති හමුවක දීය.

මෙරට ආර්ථික පුනර්ජීවන සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ. මේ සඳහා රජය ගෙන ඇති පියවර පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා,  ග්‍රාමීය කෘෂිකර්ම සංවර්ධන සැලසුම් පුළුල් කිරීමට සහය දෙන ලෙස ද ඉල්ලා සිටියේය.  ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් ලබාදීමට තීරණය කර ඇති ඩොලර් මිලියන දෙසීයක හදිසි ආධාර ණය මුදල සහ ආසියා පැසිෆික් කලාපයේ සෞභාග්‍යය හා  පිළිබඳ ජපන් අරමුදල ලබාදෙන ඩොලර් මිලියන තුනක ප්‍රදානය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. එමගින් දිළිඳු කාන්තාවන්ට හා දරුවන්ට ආහාර සැපයුම සහතික කෙරෙනු අතර ජීවනෝපායන් ද ආරක්ෂා කරන බව කෙනෙචි යොකොයාමා මහතා  පැවසීය.  

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා ද මෙම හමුවට සහභාගි විය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම