ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව පිළිබඳ ප්‍රශ්නය නිල මාතෘකාවක් ලෙස සැලකීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සි‍යේ තීරණ‍යක්
2022-09-13 10:51:26
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව පිළිබඳ ප්‍රශ්නය නිල සාකච්ඡා තේමාවක් ලෙස සැලකීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය තීරණය කරයි.

චීනයේ ‍යෝජනාවකට අනුව ඊයේ(12) පැවති ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ විධායක සභාවේ සැසියේදී එය තීරණය කෙරිණ. වියානාහි එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Wang Qun මහතා පැවසුවේ චීනයේ යෝජනාවකට අනුව එම විධායක සභාව සිව් වරක් සාකච්ඡා කිරීමෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් නිල සාකච්ඡා තේමාවක් සකස් කර ඇති බවයි. එම සහයෝගිතාවට සම්බන්ධ න්‍යෂ්ටික ද්‍රව්‍ය මාරු කිරීම, එය සහතික කිරීම හා  අධීක්ෂණය ඇතුළු න්‍යෂ්ටික ආයුධ වැඩි දියුණු කිරීම සීමා කිරීමේ ගිවිසුමට බලපාන ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. ඉන් ඇතැම් රටවල් බලහත්කාරයෙන් විධායක සභාව සිය මතයට නතු කර ගැනීමේ උත්සාහයන් බිඳ වැටී  ඇත.

එම රටවල් තුන අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව හා සම්බන්ධ න්‍යෂ්ටික ද්‍රව්‍ය මාරු කිරීම කෙරෙහි ජගත් ප්‍රජාව දැඩි අවධානය යොමු කිරීම මෙන්ම ඇමරිකාව හා හවුල්කාරී රටවල ක්‍රියාවට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ පොදු අනුබලය හිමිකර ගෙන නොමැති බව ද ඉන් පිළිබඹු වේ. න්‍යෂ්ටික ද්‍රව්‍ය මාරු කිරීමේ ප්‍රශ්නය, න්‍යෂ්ටික ආයුධ වැඩි දියුණු කිරීමක් බවට පත් වන අතර එම රටවල් තුන ලෝකයට හානි වන එම ක්‍රියාව අත් හැරිය යුතු බව Wang Qun මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම