මානව හිමිකම් කඩකළ බවට නැගෙන චෝදනා ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි
2022-09-13 14:56:21
Share with:

ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩකළ බවට කෙරෙන ජාත්‍යන්තර මැදිහත්වීම් තරයේ ප්‍රතික්ෂේප කරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව අවධාරණය කළේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ දී ඊයේ (12) ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමිනි.  ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

රටේ පවතින ගැටලු රට තුළම විසඳාගැනීමේ වැඩපිළිවෙළක් රජය සතු ය. රටට ගැලපෙන හා ජනතා අපේක්ෂාවලට අනුගත වන ආකාරයට සංහිඳියාව ඇතිකිරීමට හා මානව හිමිකම් වර්ධනයට රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සාමකාමීව රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රජය තහවුරු කර තිබේ. එසේම, ප්‍රජාතන්ත්‍රවාදයට බාධා පමුණුවන නීතිවිරෝධී ක්‍රියා අත්හිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද ගෙන ඇත. ජනතා නිදහස ආරක්ෂා කිරීම එහි අරමුණ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම