ඇමරිකාවේ ප්‍රධාන නගරවල වෙඩි තැබීමේ සිද්ධීන් හී ඉහළ යාමක්
2022-09-13 13:43:50
Share with:

පසුගිය සති අන්තයේ ඇමරිකාවේ Illinois, Kentucky, Indiana—IN, Pennsylvania හා New York යන ජනපදවල වෙඩි තැබීම් සිද්ධි රැසක් වාර්තා විය. මෙම වසරේ මුල් මාස හය තුළ ඇමරිකාවේ මහ නගරවල ප්‍රචණ්ඩ අපරාධ සිද්ධි සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලයට වඩා ඉහල යාමක් පෙන්නුම් කර ඇතැයි නවතම වාර්තාවේ දැක්වේ.

ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා ඇමරිකාවේ මහ නගරවල ප්‍රචණ්ඩ අපරාධ සිද්ධි දෙලක්ෂ තිස් හත් දහසක් සිදුව ඇති බවත් එම සංඛ්‍යාව පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 4.4කින් වැඩි වී ඇති බවත් ඇමරිකාවේ ‘මහ නගරවල පොලිස් ස්ථානාධිපති සංගමය’ මෑතකදී නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මෙම වසරේ මේ වන විට එම නගරවල සිදුව ඇති  ඝාතන සංඛ්‍යාව 4511කි. වසර 2019යේ සමාන කාලයේ  එය 3004ක් බව වාර්තා විය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම