76වැනි ජගත් මහ සම්මේලනය නිමාවෙයි
2022-09-13 18:53:28
Share with:

 එක්සත් ජාතීන්ගේ 76වැනි මහ සම්මේලනය නිමාවට පත් වේ.

            ඊයේ (12) අවසන් වූ එම සම්මේලනය අමතමින් එහි සභාපති Abdulla Shahid  මහතා දේශනයක් පැවැත්වීය. කොවිඩ් වසංගතය, සන්නද්ධ ගැටුම්, සාගින්න, දරිද්‍රතාවය හා දේශගුණ විපර්යාස ඇතුළු අර්බුද රැසක් මේ වන විට තව තවත් උග්‍රවෙමින් පවතී. එහෙත් බලාපොරොත්තු සුන්වීම ඊට වඩා බැරෑරුම් අර්බුදයක් බව ඔහු එහිදී කියා සිටියේ ය. එබැවින් කෙතරම් අසීරු අවස්ථාවක වුවද බලාපොරොත්තු සහගත වීමේ වැදගත්කම Abdulla Shahid මහතා අවධාරණය කර ඇත.

              එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ද  දේශනයක් පවත්වමින් එහිදී කියාසිටියේ, බහුපාර්ශ්වික පද්ධතිය එක්සත් ජාතීන්ගේ මීළඟ මහ සම්මේලනයේ පෙර නොවූ විරූ අභියෝගයකට ලක් වනු ඇති බවයි. එසේම, බහුපාර්ශ්වවාදය මානව සංහතියේ එකම බලාපොරොත්තුව බව ද මහලේකම්වරයා එහිදී පෙන්වා දී ඇත.

              හංගේරියානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන Korosi Csaba මහතා එක්සත් ජාතීන්ගේ 77වැනි මහ සම්මේලනයේ සභාපති ධූරය දරන බව එහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම