චීන ජනපති කසකස්ථානය හා උස්බෙකිස්ථානය යන රටවල නිල චාරිකාවන්හි නිරතවීමේ සූදානමක්
2022-09-12 16:14:48
Share with:

ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගි වන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසකස්ථානය හා උස්බෙකිස්ථානය යන රටවල නිල චාරිකාවන්හි නිරත වීමට නියමිතය.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(12) මේ බව ප්‍රකාශ කළාය.

එළඹෙන 14වැනිදා සිට 16වැනිදා දක්වා උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නගරයේ පැවැත්වෙන ශංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍යනායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහභාගි වන බව Hua Chunying මහත්මිය පැවසුවාය.

ඉන් අනතුරුව කසකස්ථාන ජනාධිපති Jomart Tokayev හා උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Mirziyoyev යන මහත්වරුන්ගේ ආරාධනාවන්ට අනුව, චීන ජනාධිපතිවරයා එම රටවල් දෙකේ නිල සංචාරයන්ට එක්වනු ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම