රුසියාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් යුරෝපා රටවල ජනතා විරෝධතා
2022-09-12 16:15:20
Share with:

බලශක්ති අර්බුදය උග්‍රවීම හේතුවෙන්, රුසියාවට සම්බාධක පැනවීමට එරෙහිව යුරෝපා රටවල ජනතාව විරෝධතා පවත්වති.

ඇමරිකාව අනුව යමින්, යුරෝපා රටවල් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් කලාපීය ආර්ථිකය පසුබෑමට ලක් ව ඇත. එසේ ම, ශීත ඍතු උදාව හමුවේ බලශක්ති අර්බුදය ද උග්‍රවෙමින් පවතී. මෙවැනි තත්ත්ව හේතුවෙන් යුරෝපා රටවල් රැසක ජනතාව ඊයේ(11) විරෝධතා පවත්වමින්, සිය රජයන් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක නිසා සිදුවූ බලශක්ති මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම කෙරෙහි විරෝධය පළ කර තිබේ.

රුසියාවට පටහැණි ව පනවා ඇති මෙවැනි ‘ මරාගෙන මැරෙන ස්වරූපයේ සම්බාධක’ අත්හිටුවන්නැයි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. ගැටුම් ඇතිකරමින් යුරෝපයේ ආරක්ෂාව අවුල් සහගත තත්ත්වයකට පත් කිරීමට ක්‍රියාකරන ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් යුතු NATO සංවිධානය ද විරෝධතාකරුවන් හෙළා දැක ඇත.

ප්‍රංශය, ජර්මනිය, චෙක් ජනරජය ඇතුළු රටවල මෙවැනි විරෝධතා ව්‍යාපාර පවත්වනු ලැබීය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම