ඇමරිකාවෙන් ඩොලර් මිලියන 40 ක ආධාර
2022-09-12 15:29:48
Share with:

පොහොර මිලදී ගැනීම සහ වෙනත් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 40 ක අතිරේක ආධාර ලබාදීමට, ඇමරිකානු රජය පියවර ගනී.

මෙරට චාරිකාවක නිරත, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානි සමන්තා පවර් මහත්මිය, මේ බව නිවේදනය කර ඇත. මෙහිදී ඇමරිකානු කොංග්‍රසයේ අනුමැතිය යටතේ ඩොලර් මිලියන 40 ක අතිරේක ආධාර මුදලක් පිරිනැමෙන අතර, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමග ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නියමිතයි. ගොවීන් 53 000 කට  හදිසි මුදල් ආධාර පිරිනැමීමට ද පියවර ගැනේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම