2022 ක්‍රිකට් ආසියානු කුසලාන ශ්‍රී ලංකාවට
2022-09-12 15:00:01
Share with:

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි.

ඒ, ඊයේ (11) ඩුබායිහි දී පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමිනි. එය ශ්‍රී ලංකාව දිනා ගත් 6 වන ආසියානු කුසලාන ලෙස වාර්තා අතරට එක්වෙයි.

ඩුබායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්තානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තේ ය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ හයේ පහර 3ක් හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත් විය.

පකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147ක් පමණි. පකිස්තානයේ මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් රැස් කළ අතර, ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් රැස් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම