මෙරටට විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 16% කින් ඉහළට
2022-09-11 17:25:59
Share with:

අගෝස්තු මාසයේ මෙරට විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 325 ක් දක්වා ඉහළ යයි. එය ඉකුත් ජූලි මාසයට සාපේක්ෂව 16% ක වර්ධනයකි.  එසේම, මේ වසරේදී  විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ඇතැයි ද, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියාසිටී.

නීත්‍යනුකූලව බැංකු ක්‍රමය මගින් මෙලෙස මුදල් එවා ඇති සෑම විදේශගත ශ්‍රමිකයෙකුටම සිය ස්තුතිය පුද කරන බවද  අමාත්‍යවරයා පවසයි. මේ වසරේදී ශ්‍රමිකයන් 330,000 ක් විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම රජයේ ඉලක්කයයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම