ජගත් මහලේකම්වරයා පකිස්ථානයේ ගංවතුර ආපදා ප්‍රදේශ නිරීක්ෂණය කරයි
2022-09-11 15:25:00
Share with:

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පකිස්ථානයේ ගංවතුර ආපදා ප්‍රදේශ නිරීක්ෂණය කරයි.

පකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා‍ සමඟ, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ (10) එරට නිරිතදිග බලුකිස්තාන් පළාතේ Usta Mohammad නගරය සහ දකුණු දිග පිහිටි සින්ද් පළාතේ Larkana නගරය ඇතුළු දරුණු ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත පැමිණ, විපතට පත්වූවන් වෙත හෘදයංගම කණගාටුව පළ කළේය. දැඩි හානි සිදුව ඇති Mohenjo-daro ලෝක උරුමය ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විය.

පසුගිය ජූනි මස මැද සිට, පකිස්ථානයේ අධික වර්ෂාපතනයෙන් හටගත් ගංවතුර ඇතුළු ආපදා හේතුවෙන් පුද්ගලයන් 1,396 දෙනෙකු මිය ගිය අතර 12,728 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආපදා පාලන කාර්යාංශය ඊයේ (10) ප්‍රකාශ කළේය.



ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම