ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට
2022-09-11 18:44:59
Share with:

2022 ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි.  ඒ, අවසන් මහා තරගයේදී  සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමිනි. තරගයේ දී උපරිම දස්කම් දක්වමින් ලකුණු  63ට 53ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී සහභාගි වූ සියලුම තරග ඔවුන් ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 6 වන අවස්ථාව මෙය වේ. එම ශූරතාව වැඩිම වරක් දිනූ රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. මෙවර ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලිය සිංගප්පූරුවේ දී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම