සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙසට ජනපති‍ ‍‍ගෙන් උපදෙස්
2022-09-10 16:58:05
Share with:

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දුන්නේ ඉන්දීය ආයෝජන සහයෝගීතාව මත රට තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. ඉන්දීය ආයෝජන මත මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක ප්‍රගතියට මතුව ඇති බාධා කඩිනමින් නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් අතර පසුගිය රජයන් වරින් වර නිකුත් කර ඇති චක්‍රලේඛවල ඇතුළත් විධිවිධාන සංවර්ධනයට බාධාවක් වී ඇත්නම් ඒවා කඩිනමින් නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම