චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක්
2022-09-09 19:07:04
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්,ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්, එම රැස්වීම අද(9) පැවැත්විණ.

‍එළඹෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 7 වන පූර්ණ සමුළුවේදී,  ‘19 වන මධ්‍යම කාරක සභාව විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික නියෝජිත සම්මේලනය වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තාව’ පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කර ඇත. එමෙන්ම, ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය’, ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසම විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික නියෝජිත සම්මේලනය වෙත ඉදිරිපත් කිරීමට නියමිත කාරක වාර්තාව’ පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණ. ඊට අමතරව ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය මධ්‍යම කාරක සභාවේ කාර්යයන් වැඩිදුරටත් දියුණු කර ජනතාවට වඩාත් සමීප වීම සඳහා බලපාන රෙගුලාසි අටක් ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය පිළිබඳ වාර්තාව’, ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික නියෝජිත සම්මේලනයේ සිට ආකෘතිවාදය වළක්වමින් බිම් මට්ටම් ආයතන වෙත අනවශ්‍ය පීඩාවන් ලිහිල් කිරීමේ කටයුතු පිළිබඳ වාර්තාව’යන කරුණු ද එහිදී පරීක්ෂාවට ලක්ව තිබේ. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම