යුක්රේන අර්බුදය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඇමරිකාව සියළු දේ සිදු කරනු ඇති බව රුසියාව පවසයි
2022-09-09 11:00:07
Share with:

යුක්රේන අර්බුදය අඛණ්ඩව පවත්වා ගෙන යාමට  ඇමරිකාව තමන්ට කළ හැකි සෑම දෙයක්ම සිදු කරනු ඇති බව, රුසියානු විදේශ බුද්ධි ආයතන ප්‍රධානී Sergey Naryshkin මහතා පවසයි.

ඊයේ(8) රුසියානු ඓතිහාසික සංගමය විසින් සංවිධාන කරන ලද වටමේස සමුළුවේ දී ඔහු මේ බව සඳහන් කරමින් පැවසුවේ, ඇමරිකාව සහ එහි හවුල්කරුවන් රුසියාවට පහර දීම සඳහා යුක්රේනය පාලමක් ලෙසට භාවිත කරන බවයි. තම ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඇමරිකාව ලොව පුරා ආතතීන් වර්ධනය කරමින් සිටින බව Sergey Naryshkin මහතා එහිදී කියා සිටියේ ය.

යුක්රේනයේ ආරක්ෂක ඇමති ඊයේ(8) සමාජ මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ, ඇ.ඩො. මිලියන 675 ක් වටිනා නව කණ්ඩයේ යුධ ආධාර යුක්රේනයට ලබා දීම සම්බන්ධයෙන්, ඇමරිකාවට කෘතඥතාව පළ කරන බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම