චීන ජනාධිපතිවරයා චීන අප්‍රිකා සබඳතා ඉහළින් අගය කරයි
2022-09-09 11:15:50
Share with:

අප්‍රිකානු ලීගය ගොඩනැගීමේ 20 වැනි සංවත්සරය හා චීන අප්‍රිකානු ලීග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපතිවරයා හා අප්‍රිකානු ලීගයේ සභාපතිවරයා අන්‍යෝන්‍ය වශයෙන් සුභ පැතුම් පණිවුඩ පිරිනමති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා අප්‍රිකානු ලීගයේ වාරික සභාපති සෙනෙගාල් ජනාධිපති Macky Sall මහතා අද(9) එම සුභපැතුම් පණිවුඩ අන්‍යෝන්‍ය වශයෙන් පිරිනැමූහ. ගෙවී ගිය වසර 20 තුළ අප්‍රිකානු ලීගයේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ස්වයං-වර්ධනය, සංවර්ධනය සහ ඒකීකරණය ගොඩනැගීම අතින් අප්‍රිකානු රටවල් යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බව ෂී ජින් පිං මහතා එම පණිවුඩයේ සඳහන් කළේය. චීන අප්‍රිකානු ලීග සබඳතාව ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වීම් මධ්‍යයේ වුවද අඛණ්ඩව පුළුල් වී තිබේ. චීන අප්‍රිකානු ලීග සබඳතාව ඉහළින් අගය කරන ෂී ජින් පිං මහතා Macky Sall මහතා හා සෙසු අප්‍රිකානු රටවල නායකයන් සමග නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකා ඒකකයක් ගොඩනැගීමට උත්සාහ දැරීමට හැකිවනු ඇතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

අප්‍රිකා චීන සාම්ප්‍රදායික මිතුදම, එකමුතු සහයෝගිතා හා චීන අප්‍රිකා සහයෝගිතාව යටතේ ජවය සපිරි හවුල්කාරී සබඳතාව Macky Sall මහතා ඉහළින් ප්‍රශංසා කරයි. එකම චීනය මූලධර්මයට අප්‍රිකානු ලීගය ස්ථීර ලෙස අනුබල දෙන අතර දෙපාර්ශ්වය එක්ව නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකා ඒකකයක් ගොඩනැගීමට ස්ථීර ලෙස සහය ලබා දෙන බව ද Macky Sall මහතා එම පණිවුඩයෙන් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම