74වැනි උතුරු කොරියානු ජාතික දිනයට චීන ජනාධිපතිවරයා ගෙන් සුභ පැතුම්
2022-09-09 15:29:52
Share with:

උතුරු කොරියානු 74 වන ජාතික දින සැමරුම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උතුරු කොරියානු උත්තරීතර නායක Kim Jong-un මහතා වෙත සුභ පැතුම් පණිවුඩයක් පිරිනමයි.

ගෙවි ගිය වසර 74 තුළ, උතුරු කොරියානු කම්කරු පක්ෂයේ  නායකත්වයෙන් එරට ජනතාව සමාජවාදී ගොඩනැංවීම් ප්‍රවර්ධනය කරමින් විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇති බව ෂී ජින් පිං මහතා අද (9) යොමු කළ එම පණිවුඩයේ දැක්වෙයි. අසල්වැසියන් වන දෙරට අතර සාම්ප්‍රදායික මිතුදම දිනෙන් දින ම ශක්තිමත් වෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

වෙනස්කම් වැඩියෙන් සහිත නව අවධියකට ලෝකය පිවිසී ඇත. උතුරු කොරියාව සමඟ සහයෝගිතා හා ද්විපාර්ශ්වික සම්බන්ධතාව ප්‍රවර්ධනය කරමින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන අතර ලෝක සාමය හා සංවර්ධනයට දායක වීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම