දෙවන එළිසබෙත් මහ රැජින මිය යයි
2022-09-09 10:09:25
Share with:

දෙවන එළිසබෙත් මහ රැජින මිය යයි. ස්කොට්ලන්තයේ බල්මෝරල් මාලිගයේදී මිය යන විට ඇය 96 වෙනි වියෙහි පසු වූවාය.

ඇගේ වැඩිමහල් පුත්, ඔටුන්න හිමි චාල්ස් කුමරු රජකමට පත් විය.

බ්‍රිතාන්‍ය අගමැතිනි ට්‍රස් මහත්මිය ඊයේ (8) ඩව්නිං වීදියේ අංක 10 හි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මහ රැජිනගේ අභාවය පිළිබඳ පුවත අසා කම්පනයට පත්වූ බවත්, ඇය "නූතන බ්‍රිතාන්‍යයේ මුල් ගල" බවත්ය. ශෝකය ප්‍රකාශ කිරීමට විශාල පිරිසක් බකිංහැම් මාලිගයට රැස්වෙමින් සිටිති. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව එරට දින 10ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

එළිසබෙත් මහ රැජින 1926 අප්‍රේල් මාසයේදී උපත ලැබූ අතර 1952 දී සිහසුනට පත් වූවාය. ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුළ පැළඳි සිටි රාජ්‍ය නායිකාවය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම