බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින ගේ අභාවය පිළිබඳව, චීන ජනාධිපතිවරයා ශෝකය පළ කරයි
2022-09-09 14:13:42
Share with:

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින ගේ අභාවය පිළිබඳව, චීන ජනාධිපති  ෂී ජින්පිං මහතා ශෝක පණිවුඩයක් යොමුකරයි. බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු වෙත එය යොමුකර ඇත. දෙවන එළිසබෙත් මහ රැජින ගේ අභාවය සම්බන්ධයෙන්  චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් මෙන්ම පෞද්ගලිකව ද තම දැඩි සංවේගය පළකරන බව ෂී ජින්පිං මහතා කියාසිටී. එසේම, බ්‍රිතාන්‍ය රජ පවුලට, රජයට හා එරට ජනතාවට ද චීන ජනාධිපතිවරයා ශෝකය පළ කළේය.  

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුළ පැළඳි සිටි රාජ්‍ය නායිකාව ලෙස දෙවන එළිසබෙත් මහ රැජින පුළුල් ප්‍රසංසාවක් දිනා ගෙන සිටි බව ෂී ජින්පිං මහතාගේ පණිවුඩයේ සඳහන් වේ. ඇය චීනයේ සංචාරය සිදු කළ ප්‍රථම බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව ද වූවාය.ඇගේ අභාවය බ්‍රිතාන්‍ය ජනතාවට විශාල පාඩුවකි.

තමා චීන-බ්‍රිතාන්‍ය සබඳතා සංවර්ධනය වැදගත් කොට සලකන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. චාල්ස් රජු සමග එක්ව දෙරට අතර තානාපති මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සර අවස්ථාව ප්‍ර‍යෝජනයට ගනිමින් ද්විපාර්ශ්වික සබඳතාව විධිමත් මෙන්ම ස්ථිර ව සංවර්ධනය කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට තමා කැමැත්තෙන් සිටින බව ද ඔහු කීය.

මේ අතර චීන අගමැති Li Keqiang මහතා ද බ්‍රිතාන්‍ය නව අගමැතිනි Elizabeth Truss මහත්මිය වෙත ශෝක පණිවුඩයක් යවමින් දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කර ඇත. දෙවන එළිසබෙත් මහ රැජිනගේ ඥාතීන්ට සහ බ්‍රිතාන්‍ය රජයට ද හෙතෙම සිය ශෝකය පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම