රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් දිවුරුම් දෙති
2022-09-08 16:18:58
Share with:

රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දෙති.

අද (08) පෙරවරුවේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම රාජ්‍ය අමාත්‍යවරුන් ගේ දිවුරුම්දීම සිදුවිය.

දිවුරුම්දුන් මන්ත්‍රීවරුන් අතරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු  ඇතුළත්වීම විශේෂත්වයකි.

එම අමාත්‍යවරුන් පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊයේ සාකච්ඡාවක නිරතවූ බවද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම