Zaporizhzhia බලාගාරය ආශ්‍රිතව "න්‍යෂ්ටික ආරක්ෂණ කලාපයක්" පිහිටුවිය යුතු බවට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියෙන් ඉල්ලීමක්
2022-09-08 10:26:35
Share with:

යුක්රේන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂණ තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ලට පත් වූ බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි. පසුගිය 6 වැනිදා වාර්තාවක් පළකරමින් එම ඒජන්සිය පැවසුවේ, බලාගාර ප්‍රදේශයේ "න්‍යෂ්ටික ආරක්ෂණ කලාපයක්" පිහිටුවිය යුතු බවයි.

එම වාර්තාවට අනුව, න්‍යෂ්ටික බලාගාරය වෙත අඛණ්ඩව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලකිරීම්වලින් මෙතෙක් හදිසි තත්ත්වයක් උද්ගතව  නොමැති වුවද, එය  බලාගාරයේ ආරක්ෂාවට නිරන්තර තර්ජනයකි. තීරණාත්මක න්‍යෂ්ටික ආරක්ෂණ ක්‍රියාකාරකම් කෙරෙහි මෙමගින් ඇති විය හැකි දරුණුම බලපෑම, බරපතල විකිරණ අනතුරු සිදුවීමේ හැකියාව  බව ද එම වාර්තාව පෙන්වාදෙයි.

හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ අනතුරු වැළැක්වීම සඳහා, "න්‍යෂ්ටික ආරක්ෂණ කලාපයක්" පිහිටුවීම පිළිබඳව කඩිනමින් සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සූදානම් වෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම