ඇතැම් රටවල් සෙසු රටවලට එරෙහිව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම ‍ජගත් පාලන පද්ධතීන්ට දැඩි ලෙස පහර දීමක් බව චීනය කියයි
2022-09-08 18:41:14
Share with:

ඇතැම් රටවල් එක්සත් ජාතීන්ගේ පරමාර්ථය හා ජගත් නීතිරීති නොතකා, හිතාමතාම සෙසු රටවලට එරෙහිව ඒකපාර්ශ්වික සම්බාධක පැනවූ බවත් එය ජගත් පාලන පද්ධතීන්ට දැඩි ලෙස පහර දීමක් බවත් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ අද(8) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. 

ඓතිහාසික ක්‍රියාදාමයට බාධා කිරීම සඳහා, ඇමරිකාව වසර සිය ගණනක් පුරා නියම කෙරුණු ජාත්‍යන්තර ආර්ථික පටිපාටියේ කේන්ද්‍රය විනාශ කිරීම පවා සිදු කරමින් සිය කැමැත්තට හා තම වාසී තකා උපමාන පද්ධතීන් යළි ස්ථාපිත කිරීමට තැත් කරමින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව මාඕ නිං මහත්මිය අදහස් දැක්වූවාය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික හා නැගී එන වෙළඳපොලේ නියෝජිතයන් වශයෙන් චීනය හා රුසියාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කොට ගන්නා ජගත් පද්ධතිය හා ජගත් නීතිරීති  පදනම් වන ජගත් පටිපාටිය ස්ථිර ලෙස ආරක්ෂා කිරීමෙහි නියැළී සිටියි.  වසංගත තත්ත්වය හමුවේ ලෝක ආර්ථික පුනර්ජීවනය ඉදිරියට මෙහෙයවීම සඳහා දායක වීමට දෙරට කටයුතු කරමින් සිටින බව ද ඇය කියා සිටියාය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම