තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම වහාම නතර කරන ලෙසට චීනයෙන් ඇමරිකාවට දැනුම්දීමක්
2022-09-08 18:46:15
Share with:

තායිවාන බෙදුම්වාදීන්ට වැරදි සංඥා නිකුත් කිරීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයන් යළි චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) නිත්‍ය මාධ්‍ය හමුවේදී දැඩි විරෝධය පළ කළාය. එකම චීනය මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිල නිවේදන තුන අනුගමනය කරමින් තායිවාන ප්‍රදේශය සමඟ ඕනෑම ආකාරයේ නිල හුවමාරු වහාම නතර කරන ලෙසට ඇය ඇමරිකාවේ අදාළ දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියාය.

එම ඇමරිකානු කොංග්‍රස් සාමාජිකයන්ගේ ක්‍රියාව එකම චීනය මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිල නිවේදන තුන දැඩිව උල්ලංඝනය කිරීමක් වන අතර, තායිවාන ප්‍රදේශය සමඟ නිල නොවන සබඳතා පමණක් පවත්වා ගැනීමේ ඇමරිකාවේ ප්‍රතිඥාව ද උල්ලංඝනය කර ඇති බව ඇය පෙන්වා දුන්නාය. ඒ පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරන බව ද Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම