බෙයිජිං ගුරු විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ ලිපියට චීන ජනපති‍ගෙන් පිළිතුරු ලිපියක්
2022-09-08 15:38:41
Share with:

චීනයේ 38 වැනි ගුරු දිනය නිමිත්තෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං ගුරු විශ්ව විද්‍යාලයේ “මනා ගුරු” ව්‍යාපෘතියේ සිසුන්ගේ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් ර‍ටේ සියලු ගුරුවරුන්ට සුබ පැතුම් පිරිනමයි. මැද හා බටහිර චීනයේ අඩු සම්පත් සහිත ප්‍රදේශවලට මනා ගුරු සම්පත් ලබා දීම එම “මනා ගුරු” ව්‍යාපෘතියේ අරමුණය. 

බෙයිජිං ගුරු විශ්ව විද්‍යාලය මනා ගුරුවරුන් බොහෝ පිරිසක් බිහිකර ඇති බව ෂී ජින් පිං මහතා ඊයේ (7) යොමු කළ එම පිළිතුරු ලිපියේ දැක්වෙයි. එම ව්‍යාපෘතියට එක්වූ සිසුන් දැනුම හා ගුරු ගුණ අඛණ්ඩව දියුණු කර ගෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ හා ජනතාවගේ “විශ්වාසය, ආත්මය, දැනුම, කරුණාව” සහිත මනා ගුරුවරුන් බව‍ට පත්වනු ඇතැයි හෙතෙම බලාපොරොත්තු පළ කරයි. උපාධිය ලබා ගැනීමෙන් පසු රටට හා ජනතාවට වඩාත් ම අවශ්‍ය ස්ථානවලට ගොස් තරුණු පරම්පරාවේ සමාජවාදී ගොඩනගන්නන් පුහුණු කිරීම සඳහා දායක වීමට ෂී ජින්පිං මහතා ඔවුන් දිරිමත් කිරයි.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම