චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ කොමිසමේ 27වැනි සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2022-09-08 09:17:50
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ පුළුල් කිරීමේ කොමිසමේ 27වැනි සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.  ඒ, පසුගිය 6 වැනිදා යි.

ජාතික අවශ්‍යතා කේන්ද්‍ර කර ගනිමින්, නවෝත්පාදන සම්පත් වෙන්කිරීම ප්‍රශස්ත කර, ජාතික උපායමාර්ගික විද්‍යාත්මක හා තාක්‍ෂණික ශක්තිය නංවා, ඊට අදාළ පර්යේෂණවල හැකියාව බෙහෙවින් වැඩි දියුණු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ප්‍රධාන සහ මූලික තාක්ෂණයන් සමඟ කටයුතු කිරීම උදෙසා, රටපුරා නව පද්ධතියක් වැඩිදියුණු කිරීමේදී උපායමාර්ගික සැලසුම් සහ ක්‍රමානුකූල පිරිසැලසුම ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම, එහිදී ජාතික උපායමාර්ගික ඉලක්කවල දිශානතියට අනුගත වීමේ වැදගත්කම සමුළුව මගින් පෙන්වාදෙනු ලැබීය.

සම්පත් ඉතිරි කරගැනීම චීනයේ මූලික ජාතික ප්‍රතිපත්තිය බවත්, බලශක්ති, කර්මාන්ත, ඉදිකිරීම් සහ ප්‍රවාහනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සම්පත් සුරැකුම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත්, ඉතිරිකිරීම පිළිබඳ ජාතික දැනුවත්භාවය වැඩි දියුණු කළ යුතු බවත් එම සමුළුවේදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම