අගෝස්තු මාසයේ චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන තුන්දහස ඉක්මවයි
2022-09-08 09:35:08
Share with:

අගෝස්තු මාසය නිමා වන විට චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3,054.9 ක් බව, විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනය පවසයි.

 එම මාසයේදී චීනයේ දේශසීමා ප්‍රාග්ධන ප්‍රවාහය තාර්කික සහ විධිමත් වූ අතර, දේශීය, විදේශ විනිමය සැපයුම සහ ඉල්ලුම මූලික ශේෂයක් පවත්වා ගැනීමට ද හැකි වී තිබේ.

වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය දැඩිව ලෙස උච්චාවචනය වේ. කෙසේ වෙතත්, චීනයේ වසංගත වැළැක්වීම සහ පාලනය සහ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ කාර්යක්ෂම සම්බන්ධීකරණය මෙන්ම ආර්ථික ස්ථායීකරණ ප්‍රතිපත්ති ගැඹුරින් ක්‍රියාත්මක කිරීම, විදේශ විනිමය සංචිතවල සමස්ත ස්ථාවරත්වය පවත්වා ගැනීමට උපකාරී වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම