මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන සමුළුවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-08 19:04:12
Share with:

2022 චීන නිපුණත්ව, ප්‍රසාදිත, විශේෂඥාන හා නවීන මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යවසාය සංවර්ධන සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

එම සමුළුව අද (8) චීනයේ Jiangsu පළාතේ නන්ජිං නගරයේදී ආරම්භ විය. මධ්‍ය හා කුඩා ව්‍යවසායන්, නවෝත්පාදනය පෙළඹවීම, රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම සහ ජන ජීවිතය යහපත් කිරීම සඳහා වැදගත් ශක්තියකි. තම ප්‍රධාන කර්මාන්ත වල කේන්ද්‍රීය නිෂ්පාදන කටයුතුවලට යොමු වෙමින් කර්මාන්ත දාම හා සැපයුම් දාම ස්ථාවරත්වය තහවුරු කර ආර්ථික සමාජීය සංවර්ධනය තුළ වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට එම ව්‍යවසායන්ට හැකිවනු ඇතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කර ඇත. 

ඒ ඒ මට්ටම්වල චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු හා ප්‍රාදේශීය රජයන්, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සැලසුම් ස්ථිරව ක්‍රියාත්මක කරමින් මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යවසායන්ට යහපත් ව්‍යාපාරික පරිසර බිහි කළ යුතුය. එම ව්‍යවසායන්ගේ සංවර්ධන විශ්වාස තහවුරු කිරීමට ඊට ලබා දෙන සහාය පුළුල් කළ යුතුය. නවෝත්පාදනය ප්‍රවර්ධනය  කරන අතරම බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරැකුම් ශක්තිමත් කළ යුතු යැයි ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම