2022 චීන-ආසියාන් සංගම් ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදන සාකච්ඡා සභාවේදී සහයෝගිතා ගිවිසුම් රැසක්
2022-09-08 14:29:43
Share with:

2022 චීන-ආසියාන් සංගම් ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදන සාකච්ඡා සභාව සාර්ථකව පැවැත්වේ.

එම සාකච්ඡා සභාව ඊයේ(7) Nanning නගරයේ පැවැත්විණ. එහිදී ව්‍යාපෘති 10ක් සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණ. සාකච්ඡා සභාව මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් පවත්වනු ලැබිය.

ආසියාන් සංගමයේ වෙළඳපොළ පුළුල් කිරීම, චීන-ආසියාන් සංගම් අන්තර්ජාතික E වාණිජ සජීව විකාශ නැංවීම, චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය රූගත කිරීම මෙහිදී අත්සන් තැබුණු සහයෝගිතා ව්‍යාපෘතිවලට ඇතුළත් ය. ඒවා චීනය හා ආසියාන් සංගමය අතර මානුෂීය හුවමාරු හා ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනයට ප්‍රබල ගාමක බලවේගයක් එක්කරනු ඇත.

 මීට අමතරව, “දශකයක් තුළ චීන-ආසියාන් සංගම් ශ්‍රව්‍ය දෘශ්‍ය ජාත්‍යන්තර විකාශ පිළිබඳ වර්ධන වාර්තාව”චීන ජාතික ගුවන්විදුලි හා රූපවාහිනි වර්ධන පර්යේෂණායතනයේ උප අධ්‍යක්ෂ Yang Mingpin මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම