ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමිකම්පා විපතේ සහන කටයුතු සඳහා සහාය වීමට කැමැත්ත පළ කළ විවිධ රටවලට චීනයේ ප්‍රණාමය
2022-09-07 19:11:07
Share with:

ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමිකම්පාව සිදු වීමෙන් අනතුරුව රුසියාව ඇතුළු බොහෝ රටවල් විවිධ ආකාරවලින් චීනයට අනුකම්පාව දක්වමින් ආපදා කටයුතු සඳහා සහාය වීමට කැමැත්ත පළ කර ඇත. චීනය මේ පිළිබඳව අවංක ස්තුතිය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද(7) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියාය.

චීන රජය උපරිම ශක්තියෙන් අදාළ ආපදා හා සහන කටයුතුවල නිරත වෙමින් සිටියි. විවිධ සහන කණ්ඩායම් සිද්ධිය වූ වහාම විපතට ලක් ප්‍රදේශයට ළඟා වූහ. අතුරුදන්ව සිටින පුද්ගලයින් සෙවීම, තුවාල කරුවන්ට ප්‍රතිකාර කිරීම, ජනතාව සුරක්ෂිත ස්ථානවලට යොමු කිරීම, යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම යනාදී කටයුතු සඳහා ඔවුහු දායක වෙමින් සිටිති. මෙම විපතෙන් ජය ගැනීමටත් විපතට ලක් ජනතාවට යළිත් සුන්දර උන්හිටිතැන් ගොඩනැගීමටත් චීනයට විශ්වාසය ඇති බව ද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.‍‍

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම