අපනයන ආදායම ඉහළට
2022-09-07 18:21:24
Share with:

පසුගිය 2021 වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම සියයට 12.9කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2021 වසරේ මුල් මාස හයක කාලයේ දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,803ක් ලෙස වාර්තා වී තිබෙන අතර ඊට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී අපනයන ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 7,678ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ ජූලි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 1,164 ක අපනයන ආදායමක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර එය පසුගිය වසරේ ජූලි මාසයේදී උපයාගත් ඇමරිකානු ඩොලර් මිලියන 1,104ට සාපේක්ෂව සියයට 5.4ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම